Friday, March 20, 2020

විද්‍යාඥයන් විසින් පලමු වරට පෘථිවියෙන් පරිබාහිර පලමු සම්පූර්ණ ප්‍රෝටීනය සොයා ගෙන තිබේ.



ප්‍රෝටීන යනු ඇමයිනෝ අම්ල වලින් ගොඩ නැගුනු කාබනික අණු විශේෂයක් වන අතර මේවා ජීව  සෛලයන් තුල නිර්මාණය වන ප්‍රභල ශක්ති ප්‍රභවයක් ලෙස සැලකේ.විද්‍යාඥයන් විසින් පලමුව පෘථිවියෙන් පරිබාහිර ඇමයිනෝ අම්ල ව්‍යුහ හදුනාගෙන ඇති මුත් සම්පූර්ණ ප්‍රෝටීන ව්‍යුහයක් මින් පෙර හදුනාගෙන නැත.
1990 දී ඇල්ගේරියාවට(Algeria) කඩා පැටුනු උල්කාෂ්මයක් වන ඇක්ෆර් 086 (Acfer 086) උල්කාෂ්මය ඉහල නිරවද්‍යතා  ස්කන්ධ වර්ණාවලියකින්(High precision mass spectroscopy)  විශ්ලේෂණය කිරීමේදි මෙම නව ප්‍රෝටීනය හමුවී ඇති අතර  එය ග්ලසීන් (glycine)හා හයිඩ්‍රොකිග්ලයිසීන්(hydroxyglycine) නමැති ඇමයිනෝ අම්ල දාමයන්ගෙන් යුතු අතරම ලිතියම් ,යකඩ හා ඔක්සිගෙන් පරමාණු වලින්ද යුතුවේ. එලෙසින්ම මෙය  විශේෂ අයුරින් ඩියුටීරියම් වලින් පොහොසත් අතර මෙයාකාරයේ ඩියුටිරීයම් පොහොසත්(enrichment) ඇමයිනෝ අම්ල පෘථිවියෙන් හමු නොවන බැව් පවසන පර්යේෂකයන් මෙය මීට අවුරුදු බිලියන 4.6 පෙර ප්‍රාග් තරු තැටියේ නිර්මාණය වන්නට ඇතැයි සෑ පහල කරනු ලැබේ.ඒ අනුව මෙය පෘථිවියෙන් පරිබාහිර නිර්මාණයක් බව පැහැදිලි වේ.

හාර්වර්ඩ් විශ්වවිද්‍යාලය PLEX Corporation නම් ජෛව තාක්ෂණික සමාගම හා බෘකර් විද්‍යාත්මක පදනම (Bruker scientific foundation) එක්ව මෙම පර්යේෂණය සිදු කරන ලද අතර මෙම ප්‍රෝටීනය ඔවුන් විසින් 'හිමොලෙතින් (Hemolithin) ලෙස නම් කර ඇත.
නමුත් හයිඩ්‍රොක්සිග්ලිසරින් මින් පෙර උල්කාශ්මයක හමු නොවීම වැනි කරුණු මත යම් යම් පාර්ශව විසින් මෙම පර්‍යෙෂණයේ නිරවද්‍යතාව පිලිබද සැක පහල කර ඇත.එනමුත් මෙම පර්යේෂණය පිලිබද පූර්ව වාර්තාව arXiv.org  හි පල කර ඇත.

ඒ කෙසේ නමුත් මේ හරහා පෘථිවියෙන් පරිබාහිර ජීවය පිලිබද බලාපොරොත්තු ඉහල නැංවූ බව නොකියාම බැරිය.

Article by By Sanjula Dasunpriya

මූලාශ්‍ර



No comments:

Post a Comment

Eco Astronomy Inc - Lecture Series -1 2021

Fundamentals of Multidisciplinary Astronomy: Certificate Course - (Online) If you are interested in astronomy, you have the opportunity to t...