Sunday, August 4, 2019

ඩයිනෝසර ෆොසිල ගවේශන අභියෝගතාවයට පෙර වදනක්..! 🦕🇱🇰


                   ඩයිනෝසර ෆොසිල ගවේශන අභියෝගතාවයට පෙර වදනක්..! 🦕🇱🇰



ඩයිනෝසර ෆොසිල ගවේශන අභියෝගතාවයට පෙර වදනක්..! 🦕🇱🇰
Jurassic Park සිනමාපටය හරහා වඩාත් ඔබට සමීප වන ඩයිනොසරයන් සැම දෙනෙකු ඇලුම්කරන මාතෘකාව බවට පත්වී හමාරය. ඔබගේ එම රුචිකත්වයට පර්යේෂණ අර්ථයක් ලබාදීමට හා නිසි සංරක්ෂණය ආකාර ඔස්සේ තිරසාර සංවර්ධනයට දායක වීම අරමුණු කොටගනිමින් Coordinating Secretariat for Science, Technology and Innovation-Ministry of Science, Technology, and Research, Sri Lanka (COSTI) හා South Asian Astrobiology & Earth Science Research Unit Of Eco Astronomy Sri Lanka (EASL) යන ආයතන එක්ව මෙම අභියෝගතාවය හදුන්වා දී ඇත.

ඩයිනොසරයන්ගෙන් යනු දැනට මිහිපිට ජීවත් වූවායි සැලකෙන විශාලතම උරග සත්ව කාණ්ඩය ලෙස හැදින්විය හැකිය. ප්රමුඛපෙළේ ජීව විද්යාඥයකු (biologist) මෙන්ම ප්රාග්ධාතු විද්යාඥයෙකු (Paleontologist) වු සර් රිචඩ් ඕවන් ඩයිනොසරයන් යනු වෙනස්කමි බොහොමයක් සහිත භයානක කටුසු ආකාරයක් ලෙස හදුන්වා දී ඇත.භූ විද්යාත්මක කාල පරිච්ඡේදයක ට අනුව මීසසොයික යුගය පුරා ඩයිනොසරයන් ජිවත් වු බවට ෆොසිල සාධක හමුවි ඇත.එනම් මීට වසර මිලියන 251 සිට මිලියන 65 දක්වා වු කාලයයි.මෙම යුගයේ මුලික අවධින් තුනක් වන Triassic ,Jurassic,Cretaceous ලෙස පරිච්ඡේද වලින් සමන්විත වන අතර එයින් අපගේ පර්යේෂණ කටයුතු සදහා භාජනය වන්නේ ඩයිනෝසරයන්ගේ සවර්ණමය අවදිය වන ජුරසික් අවධියයි.

භු ගූලීය පසුබිම තවදුරටත්..!

ප්රෝටරෝසොයික් අග භාගයේ (වසර මිලියන 541 ) හා මුල් මීසසොයික (වසර මිලියන 251 ) අතර, ශ්රී ලංකාව ගොන්ඩ්වානාහි අභ්යන්තර ව පිහිටා තිබුනි . මෙම කාල පරිච්ඡේදය තුළ ශ්රී ලංකාවේ භූ විද්යාත්මක පරිණාමය දුර්වල ලෙස සීමා වී ඇත. එනම් ඉන්දියාව, නැගෙනහිර අප්රිකාව, මැඩගස්කරය සහ නැගෙනහිර ඇන්ටාක්ටිකාව යන කොටස්වල මෙන් නොව, බිඳී යාම සම්බන්ධ ව්යාප්තිය තීව්ර විය. ද්රවමය අවස්තාවේ වූ ආග්නේය පාශන ක්රියවලියන්ගෙන් සමන්විත භු කොටස් ප්රකිරනය වීම ( Sparse tectonic) ,ඉහත ව්යාප්තිය තීවුර වීමට හේතුවී ඇත.
ඒ අනුව ගොන්ඩ්වානා මහද්වීපය ප්රචරනය වීම් පර්මෝ-කාබනිෆරස් ( කාබනිෆරස් කාලසීමාවට පසු හා පර්මියන් කාලසීමාවට පෙර අවදිය අතර කාලය) සමයේදී අන්තර් මහාද්වීපික භ්රමණ ද්රෝණි විවෘත වීමත් සමඟ ආරම්භ වීය. එනම් මොසැම්බික් ද්රෝණියේ සහ ශ්රී ලංකාවට දකුණින් පිහිටි මුහුදු වෙරළේ විෂමතා - > මැඩගස්කරය ,ඉන්දියාව , ශ්රී ලංකාව, නැගෙනහිර අප්රිකාව සහ නැගෙනහිර ඇන්ටාක්ටිකාව වෙන් කිරීමේදී සාගර කබොල සෑදීමෙදි ඈති වූ විෂමතා වීය.ඉන්දියානු සාගරයේ මූලික ආරම්භයෙන් පසුව, ඉන්දියාව ,ශ්රී ලංකාව ,සීෂෙල්ස් බ්ලොක් මැඩගස්කරයෙන් ඉවත් වී උතුරු දෙසට ගමන් කිරීමට පටන් ගත් අතර, වසර මිලියන 65 ඉහතදී ඉන්දියාව සහ ශ්රී ලංකාව සීෂෙල්ස් වෙතින් කාල්ස්බර්ග් කඳු හා භූ දර්ප වලින් ඉවතට ගොස් එක් කොටසක් ලෙස කැඩී ගියේය. වසර මිලියන 50 ව්න විට ඉන්දියාව සහ යුරේසියාව ගැටී විස්තාරණ වීම අවසන් වූ අතර, මුහුදු පතුල පැතිරීම පිරිහී ගිය අතර ශ්රී ලංකාව වර්තමාන හුදකලා ස්ථානයට පැමිණියේය...මීට අමතරව, ජුරාසික් සිට මුල් ක්රිටේසියස් යුගය දක්වා වූ අවසාදිත අවශේෂ තුනක් දිවයිනේ වයඹ දිග තබ්බෝව, පල්ලම සහ ආන්ඩිගම අසල වන්නි සංකීර්ණයේ ජුරසික තෙම්පතු ලෙස ඇත.ඉහත කී පරිදි අපගේ අවදානය යොමුවනේ මෙම ජුරාසික් තෙම්පතු වෙතටය.

ශ්රී ලංකාවේ බහු සෛලික ජීවීන්ගේ ෆොසිල හමුවන පැරණිතම යුගය ලෙස ජුරාසික කාල අවධිය හැදින්විය හැකිය. මේසම්බන්ධයෙන් භූ විද්යාත්මක සාධක භාවිතා කර විද්යාඥයින් කිහිප දෙනෙකුම පර්යේෂණ දත්ත වාර්තා ඉදිරිපත් කර ඇත E.J.වේලන්ඩ් හා P.G.කුරේ යන විද්වතුන් ගේ දත්ත ඉතා වැදගත්කොට සැලකිය හැකිය.

ඉහත සදහන් කල පරිදි වර්තමානය වන විට ශ්රී ලංකාවේ ජුරාසික් යුගය අයත් අවසාධිත තැම්පතු කිහිපයකි වයඹ දිග ප්රදේශය ආශ්රිතව හදුනාගෙන ඇතිඅතර එයින් තබ්බෝව ,අඩිගම ,පල්ලම යන ප්රදේශයන් ඉතා වැදගත් කොට සැලකිය හැකිය.මෙම අවසාධිත අතර ශාක ෆොසිල බහුල වන අතර Pteridophyta, Cycads, Coniferous flora ප්රධාන තැනක් ගනි. මෙයින් බහුතරයක් ශාක විශේශ ඉන්දියාව අශ්රිතව හමුවන අවසාදිත සමගද බන්දුතාවයක් පෙන්වයි.

ශ්රි ලංකාව ආශ්රිත වු ජුරාසික අවසාධිත වලින් බොහෝමයක් වාතුර්ථක හා මයෝසීන තෑම්පතු වලින් අංශික ලෙස ආවර්ණය වී ඇති අතර අපගේ ව්‍යාපෘතියේ මුල් අදිරය හරහා වැඩිදියුණු කරණ ලද Multi-bandwidth in Ground-Penetrating Radar තාක්ෂණය ඹස්සේ මුහුදු මට්ටමේ සිට මීටර 30 දක්වා වු Jurassic අවසාදිතකලාපය ගවේෂණය කිරීමට බලාපොරොත්තු වෙමු .

Program for International Student Assessment (PISA) අධ්‍යාපන නිර්නායකයන් ඔස්සේ ක්‍රියාත්මක විමට නියමිත මෙම ව්‍යාපෘතිය ඕනැම වයස් කාණ්ඩයක් සදහා විවෘත වන අතර පාසල් සිසුන් ,විශ්ව විද්්‍යාල සිසුන් ,පර්යේෂණ ආයතන හා විෂයට ඇලුම් කරන ඕනැම පුද්ගලයේකුට මේ සමග සම්බන්ධ විය හැකිය. ඉදිරියේදී පැවැත්වීමට නියමිත වැඩමුලු හරහා මෙම අභියොගයට අදාළ වු Processing Ethics,ප්‍රායොගික හා න්‍යාත්මක දැනුම ලබාදීමට නියමිතය.

භූ ගෝල විද්‍යාවේ හා ජීව තාරකා විද්‍යාවේ වු ආන්තික තත්වයන් ( Extreme conditions) , මහජනතාවට සරල ලෙසින් ඉදිරිපත් කිරීමටත් , තිරසාර ආර්ථිකක් සදහා බහුවිධ යෙදුම් හදුන්වා දීමටත් මෙම ව්‍යාපෘතිය හරහා සිදුවේ.

මතුසම්බන්දයි..!

ආචාර්ය අරවින්ද රවිභානු

වෑඩිදුර කියවීම සදහා : 





Eco Astronomy Inc - Lecture Series -1 2021

Fundamentals of Multidisciplinary Astronomy: Certificate Course - (Online) If you are interested in astronomy, you have the opportunity to t...