Wednesday, April 29, 2020

Geology Of Sri Lanka -ශ්‍රී ලංකාවේ භූ විද්‍යාවට සාරාංශගත අර්ථකථනයක්


සුවිශේෂී භූ විද්‍යාත්මක පසුබිමක් සහිත ශ‍්‍රී ලංකාවේ භූ විද්‍යාත්මක පුරාණ නිර්මාණ පරිසරය ආකීය යුගය (Archean: 4000 Mya–2500 Mya) දක්වා විහිදී යයි. නියෝප්‍රොටෙරොසොයික(Neoproterozoic –1000 Mya–541 Mya) වකවානුව තුළ ශ‍්‍රී ලංකාවේ භූ පිහිටීම ආශ‍්‍රිතව ක‍්‍රියාත්මක වූ ද්‍රවමය අවස්ථාවේ වූ ආග්නේය පාෂාණ වල ක‍්‍රියා හා ප‍්‍රතික‍්‍රියා (Igneous processes) හේතුවෙන් භූ කොටස් ඉලාස්ටික් භු තැටි (Spares tectonic) තත්ත්වයට පත්වීම සිදුවිය. එම නිසා ශ‍්‍රි ලංකාව ආශ‍්‍රිත භූ පරිණාම ක‍්‍රියාවලිය දුර්වල වුවද නියෝප්‍රොටෙරොසොයික පර්වතකාරක තීරුවල (Orogenic belt) ක‍්‍රියාකාරිත්වය හේතුවෙන් ක‍්‍රමානුකූලව ස්ථාවර තත්ත්වයකට පත්විය. නැගෙනහිර ගොන්ඞ්වානා හි (East Gondwana - 550 Mya සිට 180 Mya) ආංශික කොටසක්ව පැවති ශ‍්‍රී ලංකාව ආශ‍්‍රිත භූ කොටස් (ස්කන්ධ) තව දුරටත් ප‍්‍රචාරණය (Tectonic dispersal) වීම අන්තර් මහද්වීපික ද්‍රෝණි විවෘත වීමත් සමග ආරම්භ විය. ශ‍්‍රී ලංකාවේ දකුණුදිග මුහුදු තීරයේ බොහෝ භූ විෂමතා ඉහත ක‍්‍රියාවලියේ ප‍්‍රතිඵලයක් ලෙස ඇතිවිය. ඉන්දියන් සාගරයේ මූලික ආරම්භයත් සමග තවදුරටත් උතුරු දෙසට චලනය වූ ශ‍්‍රී ලංකාව හා ඉන්දියාව තනි කොටසක් (ඒකකයක්) ලෙස කැඞී ගිය අතර, වසර මිලියන 50 කට පෙර ඉන්දියාව හා යුරේෂියාව ගැටී ඇතිවූ විස්ථාරණය වීම් මන්දගාමී තත්ත්වයට පත්විය. එම නිසා ශ‍්‍රී ලංකාව වර්තමානයේ දක්නට ලැබෙන මහද්වීපික දුපත් පිහිටීමකට පත්වීමත් ආශ‍්‍රිත මුහුදු පත්ල පිරිහීයාමත්, මුහුදු භූ දර්ප උච්චාවචනයත් (Uplift) යන ක්‍රියාවන්ට ලක් විය.
ශ‍්‍රී ලංකාවේ භූ ගර්භ ආශ‍්‍රිත වූ මූල පතුල් පාෂාණමය දත්ත (Basement rock data) හා පාෂාණ ස්ඵඨීකරණ දත්ත (Crystallization data), සමස්ථානික විශ්ලේෂණය (Isotopic analysis [A]), භූ කාල විශ්ලේෂණය (Geochronological analysis [B]), භූ රසායන විශ්ලේෂණය(Geochemical analysis [C])" ඛණිජ විද්‍යාත්මක විශ්ලේෂණය (Petrological analysis [D]) හා තාපගතික විශ්ලේෂණය (Thermochronology analysis [E]) වැනි ක‍්‍රමවේද හරහා අධ්‍යයනයන්ට ලක්කිරීම තුළින් ශ‍්‍රී ලංකාව භූ විද්‍යාත්ම සංකීරණ කිහිපයකට බෙදා වෙන්කර ඇත. එම කොටස් නම්: උස්බිම් සංකීරණය(HC-3000 Mya – 2200 Mya)" වන්නි සංකීර්ණය (WC-2000Mya - 1000Mya)" විජයන් සංකීර්ණය (VC-2000 Mya – 1000 Mya)" කඩුගන්නාව සංකීර්ණය (VC-2000 Mya – 1000 Mya)" හා මයෝසීන හා චාතූර්ථික තැම්පතු වේ.
ශ‍්‍රී ලංකාවේ පතුල් පාෂාණ වලට ඉහළින් වූ අවසාදිත පාෂාණ දත්ත සහ සාගර කබොල උච්චාවචන දත්ත භූ විද්‍යාත්මකව ගවේෂණය කිරීමේ දී ශ‍්‍රී ලංකාව ආශ‍්‍රිතව ජුරාසික(Jurassic-201Mya-145 Mya), මයෝසීන(Miocene-23.05 Mya-5.3 Mya) ප්ලයිටොසීන(Pleistocene-2.58 Mya - 0.0117 Mya) භූ වකවානු වලට අයත් ජෛවීය සාධක රැසක් පොසිල වශයෙන් හමුවෙයි. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික මානව ක‍්‍රියාකාරකම් සහිත ප්ලයිටොසීන යුගයේ චාතුර්ථික කාල වකවානුව, රත්නපුර තැම්පතු (Ratnapura Formation, ඉරණමඩු තැම්පතු (Iranamadu Deposits හා තෙත් කලාපීය ගුහා/ විවෘත මානව වාසස්ථාන (Wetland caves/Open habitats) හරහා නිරූපණය වන අතර, A,B,C,D,E හදුන්වා දුන් ක‍්‍රමවේද ඔස්සේ අධ්‍යයනය තුළින් භූ විද්‍යාත්මකව ලඝු කොටගත් පුරාතණ පාරිසරික දත්ත (Multi-proxy climate data in palaeo) රැසක් අනාවරණය කරගත හැකිය (පුරාතන දේශගුණික තත්ත්වල නෂ්ඨ වීම්, සුනාමි තත්ත්ව). එසේම ප‍්‍රසස්ථ ජීවයක් (Harbor Life/Eco Astronomy ) සදහා වූ ඛගෝලීය (Celestial Sphere) බලපෑම් පෘථිවි පූර්වායනය (Earth Precision) හරහා තවදුරටත් අධ්‍යයනය කළ හැකිය. මෙම ක‍්‍රියාවලීන්ගේ ප‍්‍රතිඵලයක් වශයෙන් පුරාතන පරිසරය නැවත ප‍්‍රතිනිර්මාණය කළ හැකි අතර, එය තිරසාර සංවර්ධනයට උචිත පරිදි භාවිතා වන ආකාරය Reconstruction via Digitization Applications තාක්ෂණය ඔස්සේ හොදින් පෙන්වා දෙයි. එමෙන්ම ශ්‍රී ලංකාව හමුවන ඛණිජ සම්පත් තිරසර භාවිතය තුලින් ඉහළ ආර්ථික ප්‍රතිලාභද ලබාගත හැකිය.

වැඩිදුර කියවීමට

සැ.යු.
මෙම පොස්ටුවේ සිංහලෙන් යොදාඇති තාක්ශණික වචනවල යම් අපහැදිලි තැන් තිබේ නම් දන්නවනු මැනවි.
මෙහි අන්තර් ගත වී ඇති සමහර ජායාරූප හා ගොඩනැගීම් වල අයිතිය, මුල් කතුවරුන් හා ආයතන සතු බව සලකන්න.
2019 වසරේ බණ්ඩාරනායක අණුස්මරන සම්මන්ත්රණ ශාලාවේදි පැවැති, පුරා ජෛව විවිධත්ව සමුලුවකට අදාලව මා විසින් සිදුකරන ලද The Key Factors in Geologically References to Revealed, Paleo Environment of Sri Lanka කතිකාවට අදාල සටහනකි.

_Dr.Aravinda Ravibhanu_

Sunday, April 5, 2020

පුරා තාරකා විද්‍යාව : 01 ( Archeoastronomy)


පුරා තාරකා විද්‍යාව ( Archeoastronomy) යනු අතීතයේ මිනිසුන් අහසේ සංසිද්ධීන් තේරුම් ගෙන ඇති ආකාරය, ඔවුන් මෙම සංසිද්ධීන් භාවිතා කළ ආකාරය සහ ඔවුන්ගේ සංස්කෘතීන් තුළ අහස ඉටු කළ කාර්යභාරය පිළිබඳව සිදුකරන බහුවිධ අධ්‍යයනයකි (Multidisciplinary study). නූතන තාරකා විද්‍යාව (Modern astronomy) ඉතා විද්‍යාත්මක විෂයක් වන බැවින් පුරාවිද්‍යාත්මක වැනි සාධක පුරා තාරකා විද්‍යාව පිළිබඳ අධ්‍යයනය සදහා භාවිතයට ගැනීමේදී නොමඟ යෑමක් සිදුවන බව ක්ලයිව් රගල්ස් (Clive L. N. Ruggles| British astronomer & archaeologist ) තර්ක කරයි. කෙසේ වෙතත් පුරා තාරකා විද්‍යාව ආශ්‍රිත සාධක සොයා ගැනීම සඳහා විවිධ විෂයය පද්ධතීගේ ආගමනය ඉතා වැදගත්ය. එය විනයක් සහිතව ඉතා සංයමයෙන් කල යුතු ක්‍රියාවලියකි. තාරකා විද්‍යාව, පුරාවිද්‍යාව, මානව විද්‍යාව, සංඛ්‍යාලේඛන සහ සම්භාවිතාව මෙන්ම ඉතිහාසය, ඒ සදහා යොදා ගන්නා ප්‍රමුඛ විෂයය පද්ධතීන් වේ. ප්‍රායෝගිකව ගත් කල වෙනත් සංස්කෘතීක විශය සංදර්භයන් හරහා අනාවරනය වන ඛගෝලයේ (celestial sphere) වූ සංසිද්ධීන් සංකේතාත්මකව පොහොසත් අංග ලෙස පුරාවිද්‍යාව හරහා ඉතා හොදින් අර්තකථනය කරයි. එමෙන්ම පුරා තාරකා විද්‍යාව හරහාද භූ දර්ශ පුරාවිද්‍යාව (Landscape archaeology) සහ සංජානන පුරාවිද්‍යාව (Cognitive archaeology) ආශ්‍රිත වූ ස්ථාන වල අනුපූරකත්වභාවයට අදාල වල වූ නිකේතනාත්මක පරිසරය (Environmental niche) හොදින් ගොඩනැගීමට ගණිතමය ප්‍රවේශයක් ලබා දේ. සොබාදහමේ චක්‍ර පිළිබඳ විශ්වාසයන් සමඟ භූ දර්ශ ඒකාබද්ධ කළ හැකි අතර ඒවා ප්‍රායෝගිකව භාවිතා කිරීම සම්භන්දයෙන් බහුවිධි යෙදුම්ද අත්හදා බැලිය හැකිය. බොහෝ මිත්‍යා මතද මේ හරහා බැහැර කිරීමට විද්‍යාත්ම පදනමක් සැකසේ. එවැනි විවිධ ප්‍රභවයන්ගේ දත්ත භාවිතා කරමින් ඒවා එකිනෙක ඒකාබද්ධ කොට සුසංයෝගී තර්කයකට පැමිනීම එතරම් පහසු නොවන අතර, දීර්ඝ කාලීන පර්යීෂණ පදනමක් තිබිය යුතුය. ඒ තුල අහසට ඇති සම්බන්ධය කෙතරම් පුළුල්ද යන්න හෙළි කළ හැකිය. මේ සියලු දත්ත සැලකීමේදී, පුරා තාරකා විද්‍යාව සමකාලීන සමාජවල අහස නැරඹීම පිළිබඳ උත්තේජනයක් ඇති කරහැකිය.

to be continued ..!

Impact of Archaeological Evidences in Sri Lanka for Calculate the Diurnal Motion of Planet Earth: A Case Study of Sundials & Fundamentals of Mathematics in General Calculations. CH 01 2018

Dr.Aravinda Ravibhanu

Introduction to Astrophotography by Cari Letellier

#AstroGirl Event තාරකා විද් ‍ යාව ආශ් ‍ රිත ජායාරූපකරණය- 2 _ සජීවී කතිකාව_ 📳 Eco Astronomy Sri Lanka Monthly Astro_talk 🔭 📷 Introduction...