Tuesday, November 25, 2014

The Pre_Historic Fanau of Sabaragamu Basin


ශ්‍රී ලංකාවේ සබරගමු දෝණිය ආශ්‍රිතව සමුවන ප්‍රාග් සත්ව පොසිල පිළිබඳ විදිමත් අධ්‍යනය ආරම්භය - සාරාංශ ගත සට සටහන මෙතනින් ලබාගන්න |http://ecoastronomysrilanka.dsdweb.info/index.php/2013-08-16-06-04-50 (වෙබ් අඩවිය ප්‍රතිසංස්කරන කරන බැවින් previwe පහසුකම නොතිබුනද පත්‍රිකාව බාගත කරගත හැක) 

ශ්‍රී ලංකාව සැලකූවිට ලොව පවතින ජෛව විවිධත්ව උනුසුම් කලාප වලින් එකක් ලෙස සැලකිය හැකිය. ශ්‍රී ලංකාවේ ප්‍රාග් යුගය සැලකූ විට එම තත්වය සාර්ථක ලෙස ඉහල පරාසයක පැවතින. ඒ සඳහා වන මූලික සාධක ප්ලයිමෝසීන යුගයේ ශ්‍රී ලංකාව තුල සබරගමු දෝණිය ආශ්‍රිතව සමුවේ. මෙසේ හමුවන ප්‍රාග් සත්ව සාධක ලෙස අලියා(Hypselephas hysudricus sinhaleyus,Palaeoloxodon namandicus sinhaleyus,Elephas maximus sinhaleyus), ගවරා(Bibos sinhaleyus), කිඔුලා(Crocodylus sinhaleyus), ගෝනා(Rusa unicolor), ලෙහෙල්ලා(tor khudree), කුඩා කඟවේනා(Rhinoceros kagavena), මහ කඟවේනා(Rhinoceros sinhaleyus), ගවයා(Gona Sinhaleya), , සිංහයා(Panthera leo sinhaleyus), කොටියා(Panthera tigirs), කිරි ඉබ්බන්ගේ පොසිල මැනික් පතල් ආශ්‍රිතව හමුවේ. මේ සියල්ල ලංකාවට ආවේනික න්‍යෂ්ට වී ගිය විශේෂ වේ.

ඉන්දියාව හා ලංකාව අතර වූ භූමි පාලම අවුරුදු 7500 පෙර විසන්ධි වූ අතර සංචාරනය භූගෝලීය බාධක ඇතිවී එහි ප්‍රතිඵලයක් ලෙස හුදකලා වීම නිසා මනාලෙස පරිසරයට අනුවර්තනය නොවුනු ජීවීන් වඳවී ගියහ. සමහරක් අද දක්වාම ආසන්න සංතතික වූ කලාප වල සිටින ජීවීන්ට සමීප සම්බන්ධතා පෙන්නුම් කරමින් අද දක්වාම උප විශේෂ ලෙස පරිනාමය වී ඇත.

පොසිල සංරක්ෂනය කිරීම හා ආශ්‍රිත පසුබිම පිළිබඳව ශ්‍රී ලංකාව තුල තවමත් නීති සම්පාදනය වී නොතිබුණද 1990 සිට 2013 දක්වා සබරගමු දෝණිය ආශ්‍රිතව හමුවූ සත්ව හා ශාක පොසිල සංරක්ෂනය සඳහා ශ්‍රී ලංකා ජෛව තාරකා විද්‍යා ඒකකයේ පර්යේෂණ අංශය හා රත්නපුර පලාත් සභාව ඇතුලු රාජ්‍ය ආයතන රැසක්ගේ සක්‍රීය දායකත්වය ලැබිණ

Introduction to Astrophotography by Cari Letellier

#AstroGirl Event තාරකා විද් ‍ යාව ආශ් ‍ රිත ජායාරූපකරණය- 2 _ සජීවී කතිකාව_ 📳 Eco Astronomy Sri Lanka Monthly Astro_talk 🔭 📷 Introduction...