Tuesday, August 7, 2012

ශ්‍රී ලංකා ජෛව තාරකා විද්‍යා ඒකකය පිළිබඳ


                                                 E C O   A S T R O N O M Y   S R I    L A N K A
  

 ශ්‍රී ලංකා ජෛව තාරකා විද්‍යා ඒකකය පිළිබඳ


ශ්‍රී ලංකා ජෛව තාරකා විද්‍යා ඒකකය ( Eco Astronomy Sri Lanka) නිල වශයෙන් ආරම්භ කරන ලද්දේ වෘත්තීය හා නිපුණතා සංවර්ධන මධ්‍යස්ථානය මුල් කොට ගනිමින් 2011 වර්ෂයේදීය. භෞතික විද්‍යාව, රසායන විද්‍යාව හා ජීව විද්‍යාව යන මූලික සංරචක තුනෙහි විහිදුම් පරාසය පරිසර විද්‍යාව හා තාරකා විද්‍යාව උපයෝගී කරගනිමින් අධ්‍යයනය කිරීම ජෛව තාරකා විද්‍යාව වශයෙන් හඳුන්වනු ලබයි. මෙම ඒකකය මූලිකව අංශ 4ක් යටතේ සබරගමු පළාත හා බස්නාහිර පළාත තුළ දැනට වැඩ කටයුතු සිදුකරමින් පවතී.


1.  ශ්‍රී ලංකා ජෛව තාරකා විද්‍යා මූලික ඒකකය ( පාලන ) රත්නපුර
2.  අභ්‍යාවකාශ , ජෛව තාරකා විද්‍යා ව්‍යාපෘති සංවර්ධන හා දියත් කිරීමේ අංශය - ඇහැලියගොඩ
3.  ජෛව තාරකා විද්‍යා පර්යේෂණ අංශය - කුරුවිට
4.  අභ්‍යාවකාශ හා ජෛව තාරකා විද්‍යා - ආධුනිකයන් පුහුණු කිරීමේ හා පාඨමාලා     සම්බන්ධීකරණ අංශය - රත්නපුර


අරමුණ :-

 ශ්‍රී ලාංකීය දුවා දරුවන්ගේ අධ්‍යයනයෙන් හා පරිශ්‍රමයෙන් ජෛව තාරකා විද්‍යා ක්ෂේත්‍රයේ පර්යේෂණ සිදුකරමින් ඒ හරහා ලොවට නව සොයාගැනීම් හා තොරතුරු දායාද කිරීම.


අරමුණු තවත් පැහැදිලි කරමින් ,


1.   දුවා දරුවන්ට කුඩා කල සිටම පරිසරය නිරීක්ෂණය සඳහා යොමු කිරීම.
2.   එමඟින් පරිසරය හඳුනගැනීම හා එයට ආදරය කිරීමට යොමු කිරීම.
3.   පරිසරයේ වූ සත්ව චර්යා පිළිබඳ අධ්‍යයනයට යොමු කිරීම.
4.   පරිසරයේ වූ ශාක චර්යා පිළිබඳ අධ්‍යයනයට යොමු කිරීම.
5.   අහස නිරීක්ෂණය හා අධ්‍යයනයට යොමු කිරීම
.6.   සිදුකල නිරීක්ෂණය ඔස්සේ කල්පිත ගොඩනැගීමට යොමු කිරීම.
7.   ගොඩනැගූ කල්පිත එදිනෙදා ජීවිතයට ඇති වැදගත්කම අවබෝධ කිරීම.
8.   ආත්ම විශ්වාසය හා නිපුණතා සංවර්ධනය ඇති කිරීම.
9.   සෑම විටම වැදගත් යමක් වෙනුවෙන් කාලය මිඩංගු කිරීමට යොමු කිරීම.
10. නව සොයා ගැනීම් හා තොරතුරු ලෝකයට දායාද කිරීම.
11. පරිසර සංකේත හා මීලඟ පරපුර වෙනුවෙන් ඒවා ‍රැක ගැනීම.
12. දුෂ්කර පාසල් වල දරු දැරියන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා දායක වීම.


ශ්‍රී ලංකා ජෛව තාරකා විද්‍යා ඒකකය මඟින් වැඩමුළු සිදුකළ පාසල් හා ආයතන


1.   ර/ඇහැලියගොඩ ධර්මපාල ප්‍රාථමික විද්‍යාලය - අදියර 1 - (Free)
2.   ඇහැලියගොඩ අධ්‍යාපන කොට්ඨාශයේ පාසල්  30 සම්බන්ධ කොට විශේෂ වැඩමුළුව -  අදියර 2
3.   බෝපැත්ත විද්‍යාලය - ගැටහැත්ත (Free)
4.   විජේනායක විද්‍යාලය - ඇහැලියගොඩ (Free)
5.   බටතොට විද්‍යාලය - එරත්න (Free)
6.   වික්ටරි ජාත්‍යන්තර පාසල - ඇහැලියගොඩ

Eco Astronomy Inc - Lecture Series -1 2021

Fundamentals of Multidisciplinary Astronomy: Certificate Course - (Online) If you are interested in astronomy, you have the opportunity to t...