Monday, November 5, 2018

වසරකට ද්‍රව රාසායනික ලීටර මිලියන 60 පොළවට පතනය වීම නතර කළ ශී‍්‍ර ලාංකික විද්‍යාඥයින්

Dr.Aravinda & Mr. Lalindra (වසරකට ද්‍රව රාසායනික ලීටර මිලියන 60 පොළවට පතනය වීම නතර කළ ශී‍්‍ර ලාංකික විද්‍යාඥයින් )



















Allied Techno Services ආයතනයෙහි පර්යේෂණ හා  ULF රසායනාගාරයේ විද්‍යාඥයින් පිරිසක් ද්‍රව රසායනික ලීටර මිලියන 60 පොළවට පතන්ය වීම NON Chemical -  ULF නිෂ්පාදනයක් හරහා නතර කර ඇත. මෙම කි‍්‍රයාවලියට අදාල පර්යේෂණය දායකත්වය ජේෂ්ඨ පර්යේෂණ විද්‍යාඥයෙකු හා ULF නිෂ්පාදන විද්‍යාඥයෙකු වන අරවින්ද රවිභානු මහාතා විසින් සිදුකරන අතර මෙහෙයුම් අධීක්ෂණය EASL සහකාර පර්යේෂකයෙතුවන ලලීන්දු මුණසිංහ මහතා විසින් සිදුකරනු ලබයි.

           ශී‍්‍ර ලංකාව තුළ වූ ඇගථම් ,තේ නිෂ්පාදන,රබර් නිෂ්පාදන,ආහාර නිෂ්පාදන, හෝටල් කර්මාන්ත ආශි‍්‍රතව තාපනය ලබා ගැනීමේ පද්ධති( Boilers system ) හා සිසිලන පද්ධති& cooling tower system ආශි‍්‍රත අඛණ්ඩව පවතින ගැට`ථවක් ලෙස  Corrosion, Calcium carbonate scale deposition, Algae impaction හැදින්විය හැකිය. මෙම ගැට`ථවලින් පෙර කී පද්ධතීන් ආරක්ෂා කර ගැනීම ස`දහා අධික රසායනික ද්‍රව්‍යය ප‍්‍රමාණයක් ජලය හා මිශ‍්‍ර කරන අතර කි‍්‍රයාවලිය අවසානයේ එම සියථ ද්‍රව රසායනික පොළවට මුදාහරී ((Blow Down).  EASL ,UNDP පර්යේෂණ දත්ත වලට අනුව , ශ‍්‍රී ලංකාව තුළ වසරකදී  මුදාහැරෙන ද්‍රව රසායනික ප‍්‍රමාණය ලීටර මිලියන 800(2017)පමණ වේ.

එ් අනුව  ශ‍්‍රී ලංකාව තුළ වු Hydro geology, Water quality, Lithification දත්ත අධ්‍යනය කර ජල සාම්පල නියාදි 1000 කට වැඩි ප‍්‍රමාණයක් ස`දහා Ultra Low Frequency තරංග ආශි‍්‍රතව ප‍්‍රතිකර්ම සිදුකරන ලදී. එහිදී ජලයේ සිදුවන භෞතික හා රසායනික ගුණ හේතුවෙන්  ULF නිර්මාණය කර ඇත. මේ හරහා පෙර කී කර්මාන්ත ආශි‍්‍රත වූ ගැටලූන් නිත්‍ය ලෙස නිරාකරණය කාරීමවට හැකි විය.මෙම Ultra Low Frequency තරංග සදහා වන මුල්ම පේටන් බලපත‍්‍රය හිමිව ඇත්තේ ඇමරිකාවේ JPL -NASAආයතනයට වන අතර නව නිෂ්පාදන වැඩිදියුණු කිරීම ස`දහා වන පේටන් බලපත‍්‍රය සිංගප්පූරුවේ EcoSpec පර්යේෂණ ආයතනයට හිමිව ඇත. දකුණු ආසියානු කලාපය තුළ මෙම තාක්‍ෂණය වැඩි දියුණු කිරීම හා නව යෙදුම් (Neo Application of Research  & Development ) ශී‍්‍ර ලංකාවේ විද්‍යාඥයින් විසින් Allied Techno Services ආයතනය හරහා සිදු කරන අතර මේ සදහා සිංගප්පූරුවේ  EcoSpec  ආයතනය ද පූර්ණ සහයෝගය හිමි වේ. දැනට මෙම ක‍්‍රියාවලිය ශ‍්‍රී ලංකාව ආශ‍්‍රීත වූ ප‍්‍රමුඛ පෙළේ ඇගඵම් කර්මාන්ත, තේ නිෂපාදන  කර්මාන්ත, සහල් නිෂ්පාදන කර්මාන්ත, හෝටල් කර්මාන්ත සදහා භාවිත කරන අතර මේ වන විට ඔවුන් නව නිෂපාදන ක‍්‍රියාවලිය (තාපනය හා සිසිලනය සදහා කිසිදු රසායනික ද්‍රව්‍යක් භාවිත නොකරයි). 

වැඩි දුරටත් අදහස් දැක්වූ ජේෂ්ඨ පර්යේෂණ විද්‍යාඥයෙකු හා ULF නිෂ්පාදන විශේෂඥයෙකු වන අරවින්ද රවිභානු මහතා හා ලලීන්ද්‍ර මුණසිංහ මහතා ප‍්‍රකාශ කර සිටියේ  අප බලාපොරොත්තු වෙනවා 2020 වන විට, පෙර කී කර්මාන්ත ආශි‍්‍රතව 2020 වන විට ද්‍රව රසායනික ලීටර  මිලියන 500 නතර කිරීමට. ඒ සදහා අවශ්‍ය වන පර්යේෂණ කටයුතු සියල්ල මේ වන විට ආරම්භ කර ඇති අතර විවිධ ක්‍ෂෙත‍්‍රයන්හි නිරතව ශ‍්‍රී ලාංකීය ඉංජිනේරුවන් පර්යේෂකයන් විශාල ප‍්‍රමාණයක් මේ වෙනුවෙන් අප සමග ඔකතු වී සටිනවා. Allied Techno Services ආයතනයේ සභාපතිතුමා හා කළමණාකාර අධක්‍ෂතුමා ඇතු`ඵ පිරිසට ද අපේ පර්යේෂණ සාර්ථක කර ගැනීමට ලබා දෙන සහයෝගයට විශේෂ ස්තූතිය පිරිනමන්න  ඕනි. 

නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය ආශ‍්‍රිත වූ BioFouling Control of Seawater Intake Culverts @ Puttalam Coal Power Plant ගැටඵව සදහා විසදුම් ලබා දී අත්තේ මෙම විද්‍යාඥයින් බව ආඩම්බරයේන් පැවසිය යුතුය. ඔවුන්ගේ මෙම සියඵ පර්යේෂණ කටයුතු සාර්ථක වේවායි  IPSSD , EASL වෙනුවෙන් අපි පාර්ථනා කරමු.
 
#EASL #IPSSD

1 comment:

  1. How to Play the Coin Casino for Real Money - Casinoowed
    How to play the Coin Casino for Real Money. The following table will show you how 인카지노 to win money worrione online in the real world. 메리트카지노총판

    ReplyDelete

Eco Astronomy Inc - Lecture Series -1 2021

Fundamentals of Multidisciplinary Astronomy: Certificate Course - (Online) If you are interested in astronomy, you have the opportunity to t...