Saturday, September 1, 2012




ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අභ්‍යවකාශ හා ජෛව තාරකා විද්‍යාව ප්‍රායෝගිකව හා සිද්ධාන්තමය වශයෙන් ඔබටත් අවස්ථාව,

1.පාඨමාලා අන්තර්ගතය:-

තාරකා විද්‍යාවේ ඉතිහාසය
දුරේක්ෂ හා නිරීක්ෂණ තාරකා විද්‍යාව
විශ්ව න්‍යාය විද්‍යාව හා භෞතික තාරකා විද්‍යාව
ජෛව තාරකා විද්‍යා පරීක්ෂණාත්මක චාරිකාව
ජෛව තාරකා විද්‍යා නිපුණතා සංවර්ධනය
චන්ද්‍රිකා හා රොකට් තාක්ෂණය
පිටසක්වල ජීවි විද්‍යාව

2.පාඨමාලා ආරම්භය:-

2012 සැප්තැම්බර් 16 පෙ.ව. 8.00 - ප.ව. 1.00 දක්වා සෑම සෙනසුරාදා හා ඉරිදා දිනකම අධ්‍යයන කටයුතු පැවැත්වේ.
වික්ටරි ජාත්‍යන්තර පාසල - ඇහැලියගොඩ

3.කාලය:- මාස 3

4.ලියාපදිංචිය හා ගාස්තු:-

ඔබ වයස අවුරුදු 14 වැඩි විය යුතුය.
උප්පැන්න සහතිකයේ පිටපතක් ‍රැගෙන ආ යුතුය.
ජාතික හැඳුනුම්පතක් තිබේ නම් එහි පිටපත් ‍රැගෙන ආ යුතුය.
පාඨමාලා ගාස්තුවෙන් 30% මූලිකව ගෙවිය යුතුය.

සම්පූර්ණ පාඨමාලා ගාස්තුව : රු 6750.00

මෙම පාඨමාලාව පැය 400 ක් පමණ ආවරණය වන විශේෂිත පාඨමාලාවකි.මෙහිදී රු 6500.00ක් වටිනා
මෘදුකාංග හා වීඩියෝ තැටියක් මෙන්ම තාරකා විද්‍යා දත්ත සටහන් පත්‍රිකා ගාස්තු අය කිරීමකින් තොරව
ලබාදේ.පාඨමාලාව සම්පූර්ණ කරන සෑම ශිෂ්‍යය ශිෂ්‍යාවකටම මෙම අවස්ථාව උදාවේ.සම්පූර්ණ පාඨමාලා
ගාස්තුවෙන් 30% ක් පාඨමාලාව ආරම්භයේදී ගෙවිය යුතුය.ඉතිරිය දෙවන විවෘත ග්‍රන්ථ විභාගයට පෙර
ගෙවිය යුතුය.

මෙම පාඨමාලාවේ ගුණාත්මක භාවය තහවුරු කිරීම පිණිස ඔබට,

1.විවෘත ග්‍රන්ථ පරීක්ෂණ විභාග 2ක් සඳහා පෙනී සිටිය යුතුය.
2.පාඨමාලාව අවසානයේදී කෙටි ප්‍රශ්න (MCQ) විභාගය සඳහා පෙනී සිටිය යූතුය.

විද්‍යා කලා වාණිජ යන විශයයන් වලින් මෙවර උසස් පෙළට පෙනී සිටි ශිෂ්‍යය ශිෂ්‍යාවන්ට මෙම පාඨමාලාව
ඉතා සුදුසු වේ.

ස්වභාව ධර්මය සැබවින් දකින්න අප හා එකතු වන්න.
 — 

No comments:

Post a Comment

Eco Astronomy Inc - Lecture Series -1 2021

Fundamentals of Multidisciplinary Astronomy: Certificate Course - (Online) If you are interested in astronomy, you have the opportunity to t...