Sunday, April 5, 2020

පුරා තාරකා විද්‍යාව : 01 ( Archeoastronomy)


පුරා තාරකා විද්‍යාව ( Archeoastronomy) යනු අතීතයේ මිනිසුන් අහසේ සංසිද්ධීන් තේරුම් ගෙන ඇති ආකාරය, ඔවුන් මෙම සංසිද්ධීන් භාවිතා කළ ආකාරය සහ ඔවුන්ගේ සංස්කෘතීන් තුළ අහස ඉටු කළ කාර්යභාරය පිළිබඳව සිදුකරන බහුවිධ අධ්‍යයනයකි (Multidisciplinary study). නූතන තාරකා විද්‍යාව (Modern astronomy) ඉතා විද්‍යාත්මක විෂයක් වන බැවින් පුරාවිද්‍යාත්මක වැනි සාධක පුරා තාරකා විද්‍යාව පිළිබඳ අධ්‍යයනය සදහා භාවිතයට ගැනීමේදී නොමඟ යෑමක් සිදුවන බව ක්ලයිව් රගල්ස් (Clive L. N. Ruggles| British astronomer & archaeologist ) තර්ක කරයි. කෙසේ වෙතත් පුරා තාරකා විද්‍යාව ආශ්‍රිත සාධක සොයා ගැනීම සඳහා විවිධ විෂයය පද්ධතීගේ ආගමනය ඉතා වැදගත්ය. එය විනයක් සහිතව ඉතා සංයමයෙන් කල යුතු ක්‍රියාවලියකි. තාරකා විද්‍යාව, පුරාවිද්‍යාව, මානව විද්‍යාව, සංඛ්‍යාලේඛන සහ සම්භාවිතාව මෙන්ම ඉතිහාසය, ඒ සදහා යොදා ගන්නා ප්‍රමුඛ විෂයය පද්ධතීන් වේ. ප්‍රායෝගිකව ගත් කල වෙනත් සංස්කෘතීක විශය සංදර්භයන් හරහා අනාවරනය වන ඛගෝලයේ (celestial sphere) වූ සංසිද්ධීන් සංකේතාත්මකව පොහොසත් අංග ලෙස පුරාවිද්‍යාව හරහා ඉතා හොදින් අර්තකථනය කරයි. එමෙන්ම පුරා තාරකා විද්‍යාව හරහාද භූ දර්ශ පුරාවිද්‍යාව (Landscape archaeology) සහ සංජානන පුරාවිද්‍යාව (Cognitive archaeology) ආශ්‍රිත වූ ස්ථාන වල අනුපූරකත්වභාවයට අදාල වල වූ නිකේතනාත්මක පරිසරය (Environmental niche) හොදින් ගොඩනැගීමට ගණිතමය ප්‍රවේශයක් ලබා දේ. සොබාදහමේ චක්‍ර පිළිබඳ විශ්වාසයන් සමඟ භූ දර්ශ ඒකාබද්ධ කළ හැකි අතර ඒවා ප්‍රායෝගිකව භාවිතා කිරීම සම්භන්දයෙන් බහුවිධි යෙදුම්ද අත්හදා බැලිය හැකිය. බොහෝ මිත්‍යා මතද මේ හරහා බැහැර කිරීමට විද්‍යාත්ම පදනමක් සැකසේ. එවැනි විවිධ ප්‍රභවයන්ගේ දත්ත භාවිතා කරමින් ඒවා එකිනෙක ඒකාබද්ධ කොට සුසංයෝගී තර්කයකට පැමිනීම එතරම් පහසු නොවන අතර, දීර්ඝ කාලීන පර්යීෂණ පදනමක් තිබිය යුතුය. ඒ තුල අහසට ඇති සම්බන්ධය කෙතරම් පුළුල්ද යන්න හෙළි කළ හැකිය. මේ සියලු දත්ත සැලකීමේදී, පුරා තාරකා විද්‍යාව සමකාලීන සමාජවල අහස නැරඹීම පිළිබඳ උත්තේජනයක් ඇති කරහැකිය.

to be continued ..!

Impact of Archaeological Evidences in Sri Lanka for Calculate the Diurnal Motion of Planet Earth: A Case Study of Sundials & Fundamentals of Mathematics in General Calculations. CH 01 2018

Dr.Aravinda Ravibhanu

No comments:

Post a Comment

Eco Astronomy Inc - Lecture Series -1 2021

Fundamentals of Multidisciplinary Astronomy: Certificate Course - (Online) If you are interested in astronomy, you have the opportunity to t...