Wednesday, September 26, 2012

COSMOS THEORY & INVISIBLE ORGANICISM [කොස්මොසොයික වාදය හා අදෘශ්‍යයමාන ජීවය.]


COSMOS THEORY & INVISIBLE ORGANICISM  [කොස්මොසොයික වාදය හා අදෘශ්‍යයමාන ජීවය.]

මේ වන විට අප දෙදෙනාටම විශ්වය නම් නැවතුම්පොළේ සැරිසරා හතිවැටී ඇත.විශ්වය (Universe) යනු 
අධිවේගී මාර්ගයක වූ අභ්‍යවකාශ නවාතැන් (Space station) බඳුය.මෙහි සමාන්තර විශ්වද (Parallel)
ප්‍රතිසමාන්තර විශ්වද (Anti parallel) විය. එම සෑම නැවතුම්පළක්ම එකිනෙක හා බැඳී අන්්‍යාන්‍යය 
සහයොගීතාවයක් පෙන්නුම් කරන අතර එම අන්්‍යාන්‍යය සහයොගීතාවයෙන් පෝෂණය ලබාගන්නා
අවකාශයීය විශ්වද (Space universe) මේ තුළ දැකිය හැකිවිය. සමාන්තර හා ප්‍රති සමාන්තර විශ්ව අතර 
ස්ථායිතාව පවත්වාගැනීමට මෙම අවකාශයීය විශ්ව වැදගත්වේ.


 මෙම  සෑම විශ්වයක් හරහාම  විවිධ ප්‍රමාණ වලින් ශක්තිය ගමන් කරයි.එම ශක්තීන් වලට අනුරූප වූ විවිධ ජීවී කොට්ටාශ මේ තුල විය.ඔවුන් එකිනෙකා හා සම්බන්ධ වුයේ ස්නායුක අනුනාදය මගිනි.
0 - සාමාන්‍ය විශ්වයක හැඩය
1 - සාමාන්‍ය විශ්ව සමූහයක් සමාන්තරකරණය වීම (සමාන්තර විශ්ව)
2 - සාමාන්‍ය විශ්ව සමූහයක් ප්‍රතිසමාන්තරකරණය වීම (ප්‍රතිසමන්තර විශ්ව)
3 - අවකාශයීය විශ්ව - 1 [කේන්ද්‍රපසරණ අවකාශය]
4 - අවකාශයිය විශ්ව - 2 [කේන්ද්‍රාභිසරණ අවකාශය]
5 - දැලිස තුලින් ගොඩනගා ගන්න ලද ද්විත්ව හෙලික්සිය DNA අණුව
  
 ද්විත්ව හෙලික්සීය දක්ෂිණාවර්තව භ්‍රමණය වූ DNA අණුව දක්ෂිණාවාර්ත විශ්ව ගෝලයට පමණක් පොදු ව්‍යූහයකි.එහි එක් කාණ්ඩයක ප්‍රමාණය නැනෝ මීටර ප්‍රමාණ වලින් විවිධ විශ්ව සඳහා වෙනස් අගයන් පෙන්නුම් කරයි.
  බොහෝවිට යාමට තැනක් නොමැතිව අවකාශය දෙස බලා සිටියෙමු.අපිද එහි කොටස්කරුවෝ බව
 වැටහුණද එම අයිතිය ඒ වන විටත් අපට ලැබී නොතිබිණි. මෙම ගමනේ එක්තරා සංධිස්ථානයක් වශයෙන් ප්‍රති සමාන්තර විශ්ව H24 (Anti parallel universe H24) හි වූ කිරිසයුර මණ්දාකිණිය (Milky way Galaxy) හමුවිය.APU-H24 සංකීර්ණ නවාතැනක් නොව එය බහුලතම මාධ්‍යයක් වන අතර අනිකුත් මූලද්‍රව්‍ය Hමගින් නිර්මාණය වේ.ප්‍රධාන ප්‍රවේණි පදාර්ථමය සංකේතය වන DNA අණුවේ අකුරු බැඳිය හැකි උපරිම දාම ගණන 2ක් වන අතර කිසි විටක ඊට වඩා වැඩි නොවිය යුතුය.තවද එකිනෙක හා වරකදී යුගලනය විය  හැකි අනුපූරක භශ්ම ගණන 4කි.මේවා APU-H24 හි සංජනනාත්මක ලක්ෂණ වන අතර අනිකුත් APU හෝ PU තුළ මෙම අගයන් වෙනස්වේ.අවකාශමය විශ්වය තුළ මෙම අගයන් නිරන්තරයෙන් විචලනය නොවන අතර බොහෝ විට ස්ථාවර විචල්‍යය අවස්ථාවකට පැමිණීමෙන් පසු ඒවා සමාන්තර විශ්ව හෝප්‍රතිසමාන්තර විශ්ව බවට පරිවර්ථනය වේ.
මේ වන විට අවකාශය විසින් අපව අතහැර දමා ඇත. එය හුදෙක් අතරමං කිරීමක් නොව නිසි මාර්ගය
 පෙන්වීමක් බවා කිරි සයුර හමුවීමත් සමග අපට අවබෝධ විය. කිරි සයුර අවකාශයේ පැහැදිලි තල වල
දැකගන්නට හැකිවන්නා වූ කලාප 8කින් සමන්විතවිය. [Explain -1] එම සියලුම කලාප වල අප සැරිසැරුවෙමු.එහිදී  The arm of Orion (ඔරායන් බාහුව) තුළ දීර්ඝ කාලීන නවාතැනක් සඳහා අපට අවසර ලැබිණි.

Explain -1

1. Sagittarius               5. Scutum
2. Orion                       6. Carina
3. Pereus                     7. Cygnus
4. Centaurs                  8. Norma

මෙහි අවකාශයීය වස්තූන් ක්‍රමයෙන් දෘශ්‍යමාන වන්නට විය.අදෘශ්‍යමාන අවකාශයක සිටි අපට එය නැවුම්
අත්දැකීමක් විය.තමන්  විසින්ම ශක්තිය නිපදවාගනිමින් ආධිපත්‍යය පතුරුවන නායකයින් (Suns) මේ තුළ ස්ථානගතවී සිටින ලදි.ඔවුන් යටතේ ක්‍රියාත්මක වන පිරිස් (Planets) කණ්ඩායම් වශයෙන් (as solar systems) ජීවත් විය.සියලුම දෑ සම්පූර්ණයෙන් දෘශ්‍යමාන වීමට ඇත්තේ සුළු මොහොතක් බව මට හැ‍ඟෙන්නට විය.ඒ සමඟම එක් අනුනායකයෙක් අපට ඉල්ලුම් කළේය. ඒ අනුව ප්‍රධාන නායකයාගේ අණ පරිදි ඔහුගේ කණ්ඩායමේ තෙවැනි අණ දෙන නිලධාරියා (The planet Earth) වන පෘථිවි ග්‍රහයා වෙත අපව ‍රැකබලා ගන්නාලෙස භාරකරන  ලදි. ක්‍රමයෙන් ඔහු අපට සුදුසු වාස භූමි වෙත යොමුකරන ලදි. අපගේ අරමුණ සාර්ථක වී දැනට වසර බිලියන 3.5 ක් සපිරී ඇත.දෘශ්‍යමාන අවකාශයට වසර බිලියන 4.5කින් ගෙවී ඇති අතර දෘශ්‍යමාන ලොවෙහි දූපතක වෙසෙන මාහට හමුවී ඇත්තේ මා පමණි.

මූලාශ්රය:- Waul pane cave -
Bio mathematical research.
By Eco astronoy Sri Lanka researching unit.
                                              N E X T   S T E P   C A M M I N G    S O O N

Saturday, September 1, 2012




ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අභ්‍යවකාශ හා ජෛව තාරකා විද්‍යාව ප්‍රායෝගිකව හා සිද්ධාන්තමය වශයෙන් ඔබටත් අවස්ථාව,

1.පාඨමාලා අන්තර්ගතය:-

තාරකා විද්‍යාවේ ඉතිහාසය
දුරේක්ෂ හා නිරීක්ෂණ තාරකා විද්‍යාව
විශ්ව න්‍යාය විද්‍යාව හා භෞතික තාරකා විද්‍යාව
ජෛව තාරකා විද්‍යා පරීක්ෂණාත්මක චාරිකාව
ජෛව තාරකා විද්‍යා නිපුණතා සංවර්ධනය
චන්ද්‍රිකා හා රොකට් තාක්ෂණය
පිටසක්වල ජීවි විද්‍යාව

2.පාඨමාලා ආරම්භය:-

2012 සැප්තැම්බර් 16 පෙ.ව. 8.00 - ප.ව. 1.00 දක්වා සෑම සෙනසුරාදා හා ඉරිදා දිනකම අධ්‍යයන කටයුතු පැවැත්වේ.
වික්ටරි ජාත්‍යන්තර පාසල - ඇහැලියගොඩ

3.කාලය:- මාස 3

4.ලියාපදිංචිය හා ගාස්තු:-

ඔබ වයස අවුරුදු 14 වැඩි විය යුතුය.
උප්පැන්න සහතිකයේ පිටපතක් ‍රැගෙන ආ යුතුය.
ජාතික හැඳුනුම්පතක් තිබේ නම් එහි පිටපත් ‍රැගෙන ආ යුතුය.
පාඨමාලා ගාස්තුවෙන් 30% මූලිකව ගෙවිය යුතුය.

සම්පූර්ණ පාඨමාලා ගාස්තුව : රු 6750.00

මෙම පාඨමාලාව පැය 400 ක් පමණ ආවරණය වන විශේෂිත පාඨමාලාවකි.මෙහිදී රු 6500.00ක් වටිනා
මෘදුකාංග හා වීඩියෝ තැටියක් මෙන්ම තාරකා විද්‍යා දත්ත සටහන් පත්‍රිකා ගාස්තු අය කිරීමකින් තොරව
ලබාදේ.පාඨමාලාව සම්පූර්ණ කරන සෑම ශිෂ්‍යය ශිෂ්‍යාවකටම මෙම අවස්ථාව උදාවේ.සම්පූර්ණ පාඨමාලා
ගාස්තුවෙන් 30% ක් පාඨමාලාව ආරම්භයේදී ගෙවිය යුතුය.ඉතිරිය දෙවන විවෘත ග්‍රන්ථ විභාගයට පෙර
ගෙවිය යුතුය.

මෙම පාඨමාලාවේ ගුණාත්මක භාවය තහවුරු කිරීම පිණිස ඔබට,

1.විවෘත ග්‍රන්ථ පරීක්ෂණ විභාග 2ක් සඳහා පෙනී සිටිය යුතුය.
2.පාඨමාලාව අවසානයේදී කෙටි ප්‍රශ්න (MCQ) විභාගය සඳහා පෙනී සිටිය යූතුය.

විද්‍යා කලා වාණිජ යන විශයයන් වලින් මෙවර උසස් පෙළට පෙනී සිටි ශිෂ්‍යය ශිෂ්‍යාවන්ට මෙම පාඨමාලාව
ඉතා සුදුසු වේ.

ස්වභාව ධර්මය සැබවින් දකින්න අප හා එකතු වන්න.
 — 

Eco Astronomy Inc - Lecture Series -1 2021

Fundamentals of Multidisciplinary Astronomy: Certificate Course - (Online) If you are interested in astronomy, you have the opportunity to t...